Thursday, May 9, 2024

General line - 0115112241

අත්පත් කරගෙන ඇති පරිශ්‍රවලින් ඉවත් වෙන්නැයි නීතීඥ සංගමය අරගලකරුවන්ට කියයි




අත්පත් කරගෙන ඇති පරිශ්‍රවවලින් ඉවත්ව ඒවා අදාල ආයතන වෙත භාර දෙන්නැයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය අරගලකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ සාමාකාමී බල හුවමාරුවක් සඳහා දේශපාලන නායකයින්ට ඉඩ ලබා දිය යුතු බවයි. 

සාමකාමී උද්ඝෝශන අනුමත කරන නමුත් නීති විරෝධී සහ ව්‍යාවස්ථා විරෝධී තත්ත්වයන් ඇති කිරීමට කිසිසේත් තම සංගමය සහය නොදෙන බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය වැඩිදුරටත් සදහන් කළේ. 

මේ අතර කිසිදු කලහකාරී සිද්ධියකට සම්බන්ධ නොවන්නැයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අරගලයේ  නිරත පිරිසෙන් ඉල්ලීමක් කරනවා. සාමකාමී අරගලයේ ගෞරවය ඉදිරියටත් රැක ගන්නැයිද උන්වහන්සේ අරගලයේ නිරත පිරිසෙන් ඉල්ලීමක් කළා.

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද අරගලයේ නිරත පිරිසෙන් ඉල්ලීමක් කළා.