Wednesday, May 8, 2024

General line - 0115112241

හදිසි නීතිය පැනවීම ගැන නීතිවේදීන් ගෙන් පැහැදිලි කිරීමක්




හදිසි නීතිය පැනවීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇතැයි ඕනෑම පුරවැසියකුට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාව පවතින බව නීතිවේදීන් පවසනවා.  නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාම  පැවසුවේ රට තුළ පනවා ඇති හදිසි නීතිය දින 10ක් තුල පාර්ලිමේන්තුවේදී සම්මත නොකළහොත් එය දින 14ක් තුළ ඉවත් වන බවයි 

වැඩබලන ජනාධිපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ දිනයේ සිට හදිසි නීතිය පනවනු ලැබුවා. හදිසි නීතිය පැනවුවද භාෂණයේ නිදහස, රැස්වීම සහ පෙළපාලි යාම සාමකාමීව සිදු කිරීමට ජනතාවට අවස්ථාව හිමිවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.  

හදිසි නීතිය සහ ඇඳිරි නීතිය රට තුල ක්‍රියාත්මක වුවද, කිසිදු අවස්ථාවක ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට කිසිවෙකුට නොහැකි බව ද නීතීඥ ආචාර්ය ප්‍රතිභා මහානාම වැඩිදුරටත් සදහන් කළා.