Wednesday, May 8, 2024

General line - 0115112241

අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමට ශ්‍රීලනිපය සැරසෙයි




අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. අරගලයේ නිරත පිරිසට විසදුමක් ලබාදිය හැක්කේ අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමෙන් පමණක් බවයි මන්ත්‍රීවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.   

සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීමට අග්‍රාමාත්‍ය ධූරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැඩිදුරටත් සදහන් කළා.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන්නැයි දැනුම් දෙන ලෙස පක්ෂ නායකයින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ප්‍රකාශ කර තිබෙනවා.  ඒ, ඊයේ පැවති විශේෂ පක්ෂනායක රැස්වීමේදීයී. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්. 

රනිල් වික්‍රමසිංහ මහතාට මෙම අවස්ථාවේ අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් වී ලබන 20 වනදා අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේදී යළි අග්‍රාමාත්‍යධූරය සඳහා පැවැත්වෙන ඡන්දයට ඉදිරිපත් විය හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.  
ඪධෂක්‍ෑ ක්‍ඹඔ - :ඵ්භධ 03*