Thursday, May 9, 2024

General line - 0115112241

ගැසට් නිවේදනය අනුව ඇඳිරි නීතිය අලුයම 5 න් අවසන්




දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැනවූ ඇදිරිය අද අලුයම 5 ට ඉවත් කෙරුණා. ඒ, ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද අලුයම දක්වා ක්‍රියාත්මක ඇදිරි නීතියට අදාල ගැසට් නිවේදනයට අනුවයි. කෙසේවෙතත් අලුයම පහට ඇදිරී නීතිය ඉවත් කළ බවට පොලීසිය මෙතෙක් සදහන් කර නැහැ. නෙත් නිවුස් අද අලුයම පොලිස් මාධ්‍ය කොට්ඨාශයෙන් ඒ පිළිබද කළ විමසීමකදී ඇදිරි නීතිය ඉවත් කළ බවට තහවුරු කළේ ද නැහැ.

වැඩබලන ජනාධිපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පළමුව ප්‍රකාශ කළේ බස්නාහිර පළාතට ඊයේ දහවල් සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇදිරි නීතිය පැනවීමට අදාළ අංශ වෙත උපදෙස් ලබාදෙන බවයි.  ඉන් අනතුරුව ඊයේ රාත්‍රියේ ආණ්ඩුව ප්‍රකාශ කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අද අලුයම 5 දක්වා දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇදිරි නීතිය පැන වූ බවයි. කෙසේවෙතත් ඇදිරි නීතිය පැනවීම සහ ඉවත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා හෝ පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ දිනයේ සිට මේ දක්වා කිසිදු ප්‍රකාශයක් සිදුකර නැහැ.

මේ අතර අද අලුයම පහෙන් පසු නියමිත කාලසටහනට අදාළ සියලු දුම්රිය ධාවනය කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සදහන් කළා. මේ අතර අද අලුයම පහෙන් පසු බස් රථ ධාවනයද ආරම්භ කළ බව ලංකා ගමනා ගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් සංගම් පවසනවා. 

කෙසේවෙතත් සේවකයන්ට රාජකාරී සදහා වාර්තා කිරීමට පවතින අපහසුතා හේතුවෙන් උදෑසන කාලයේ අඩු බස් රථ සංඛ්‍යාවක් ධාවනය වනු ඇති බවයි ඔවුන් ප්‍රකාශ කළේ.