Friday, May 10, 2024

General line - 0115112241

යුරෝපයේ උණුසුම තවත් වැඩිවෙයි




පැතිර යන ලැව් ගිනි හේතුවෙන් යුරෝපයේ උෂ්ණත්වය තවදුරටත් ඉහල යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසනවා. ප්‍රංශය, පෘතුගාලය, ස්පාඤ්ඥය, ග්‍රීසිය සහ බ්‍රිතාන්‍යයය යන රටවල උශ්නත්වය වාර්තාගත ලෙස ඉහල යමින් පවතින බවයි එම වාර්තාවල දැක්වෙන්නේ.

ඒ අනුව බටහිර යුරෝපයේ ඉහලම උෂ්නත්වය අද දිනයේ වාර්තා වූ බවට බලධාරීන් අනතුරු අගවා තිබෙනවා. 

උතුරු ස්පාඤ්ඤයෙන් ඊයේ දිනයේදී සෙල්සියස් අංශක 43ක උෂ්නත්වයක් වාර්තා වී ඇති අතර ප්‍රංශයේ ප්‍රදේශ කිහිපයක උෂ්නත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස වාර්තා වී තිබෙනවා. සතියක පමණ කාලයක් තිස්සේ යුරෝපයේ  පවතින ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් තිස්දහසක් පමණ සිය වාසස්ථානවලින් ඉවත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන්.