Sunday, May 19, 2024

General line - 0115112241

ඩලස් ගෙනාවේ අපි - මහින්ද මාධ්‍යයට කියයි




ජනතාවට වැඩකරන ආණ්ඩුවක් ඉදිරියේදී බිහි කළ යුතු බව හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අද පැවති ඡන්ද විමසීමෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

රට ගොඩනැගීම සදහා ජනාධිපතිවරයා සහාය ලබාදෙන බවයි ඉන් අනතුරුව අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකද මෙහිදී අදහස් පළ කළා.

සිය පාර්ශවය අපේක්‍ෂා කළ ආකාරය රහස් ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ඡන්දය හිමි නොවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. සිය ජනාධිපති ධුර අපේක්‍ෂකයාට සහාය පළ කරන බව කියූ පාර්ශව ඇතැම් මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ නොකිරීම පිළිබද පසුවිපරමක්  සිදුකළ යුතු බවයි මන්ත්‍රීවරයා ඡන්ද විමසීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් සදහන් කළේ.