Sunday, May 19, 2024

General line - 0115112241

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට කොළ එළියක්




සහන වැඩසටහනක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග පවත්වන සාකච්ඡා කඩිනමින් අවසන් කළ හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එහි කළමනාකරණ අධ්‍යක්‍ෂ ක්‍රිස්ටලීනා ජෝජිවා පැවසුවේ ශ්‍රී ලංකාවේ ජනතාව මුහුණ දී සිටින අර්බුද සම්බන්ධයෙන් දැඩි අවදානයෙන් පසුවන බවයි.  

සහන වැඩසටහනක් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර තාක්ෂණික සාකච්ඡා පවත්වා ඇති බවත්, එම සාකච්ඡාවල ප්‍රතිපල අනුව ඉදිරි සාකච්ඡා කඩිනමින් අවසන් කළ හැකි බවත් ඇය පෙන්වා දෙනවා. 

රජයක් පවතින අවස්ථාවක එම සාකච්ඡා ඉදිරියට ගෙන යා හැකි බව හා ඒ වෙනුවෙන් සිය කණ්ඩායමක් සූදානමින් සිටිනු ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්‍ෂ ක්‍රිස්ටලීනා ජෝජිවා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.