Sunday, May 19, 2024

General line - 0115112241

ආර්ථික අර්බුදයෙන් ගොඩ ආ හැකියි - ඉවසීම වැදගත් - මහ බැංකු අධිපති කියයි




පවතින ආර්ථික දුෂ්කරතාවලින් මිදීමට අවශ්‍ය පැහැදිළි වැඩසටහනක් සහ පැහැදිළි මාර්ගයක් ශ්‍රී ලංකාව සතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. ඔහු ඒ බව සඳහන් කළේ විදෙස් රූපවාහිනි නාලිකාවක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. 

ඒ අනුව කටයුතු කරන්නේ නම් මාස 05 ක් වැනි කාලයක් තුළින් ආර්ථීක අර්බුදවලින් ගොඩඒමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි මහ බැංකු අධිපතිවරයා එහිදී සඳහන් කළේ. කෙසේවෙතත් පවතින තත්ත්වය යටතේ එම ප්‍රතිපල කඩනමින් ලගා කර ගත නොහැකි බවත්, ඒ සඳහා සියලුදෙනා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවත් මහ බැංකු අධිපතිවරයා අදාළ සම්මුඛ සාකච්ඡාවේදී වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. 

මේවනවිටත් ණය ලබාගෙන ඇති රටවල් සමග ණය ප්‍රතිව්‍යූවහගත කිරීමේ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාම සිය අපේක්ෂාව බවත්, ඒ සඳහා තවත් මාස 02 ක පමණ කාලයක් ගතවනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.