Sunday, May 19, 2024

General line - 0115112241

අංක ක්‍රමයට ඉන්ධන බෙදන වැඩපිළිවෙල අද සිට




වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීම අද සිට ආරම්භ වනවා. බලශක්ති අමාත්‍යාංශය සදහන් කළේ QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීම ආරම්භ වන තෙක් සිපෙට්කෝ පිරවුම්හල්වලින් එලෙස ඉන්ධන නිකුත් කරන බවයි. 

ඒ අනුව වාහන අංක තහඩුවේ අවසාන අංක 0,1,2 සදහන් යතුරු පැදි ඇතුළු රථ වාහන සදහා අඟහරුවාදා සහ සෙනසුරාදා දිනවලත් 3,4,5 යන අංක සඳහා අද සහ ඉරිදා යන දිනවල ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ. 

6,7,8,9 යන අංක සඳහා ඉන්ධන නිකුත් කිරීම සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල සිදු කෙරෙනවා.

කෙසේවෙතත් මෙහිදී ඉන්ධන නිකුත් කරන්නේ සීමාවන්ට යටත්වයි. ඒ අනුව යතුරු පැදි සඳහා රුපියල් 1,500 ක්, ත්‍රී රෝද රථ සඳහා රුපියල් 2,000 ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7,000 ක උපරිමයකට යටත්ව ඉන්ධන නිකුත් කරනු ඇති.  

මේ අතර QR කේතය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීම ජූලි 25 වනදා සිට දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙනවා. එහෙත් අද සිට 24 වනදා දක්වා කොළඹ ස්ථාන කිහිපයකදී එහි නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බවයි බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.