Sunday, May 19, 2024

General line - 0115112241

ජනතා පැතුම් ගැන ජනපති පළමු වරට කතා කරයි




ජනතා පැතුම් ඉටු කරමින් ජනතාව අපේක්ෂා කරන වෙනස තමාට ලබාදිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ, කොළඹ ගංගාරාම විහාරස්ථානය වෙත ඊයේ පස්වරුවේ පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින්. 

එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ අරගලයේ නිරත තරුණයින්ගේ අදහස්වලට මෙන්ම සෙසු පාර්ශවවල අදහස්වලට ද ඇහුම්කන්දිය යුතු බවයි.

මෙම අවස්ථාවට එක්වූ මාධ්‍යවේදියෙකු, රාජපක්ෂවරු සමඟ ඇති සබඳතා සම්බන්ධයෙන් ජනාධිපත‘වරයාගෙන් විමසීමක් කළා.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස පත් කළ බවට වන අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ නිකුත් කෙරුණා. ඒ, පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින්.