Friday, May 3, 2024

General line - 0115112241

පාපැදි 11 ක් සොරකම් කළ සැකකරුවෙකු හික්කඩුවේදී අත්අඩංගුවට




පාපැදි 11 ක් සොරකම් කළ සැකකරුවෙකු හික්කඩුව, නාරිගම ප්‍රදේශයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු ගාල්ල, බෝගහවත්ත, බටදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. 

ඔහු මත්කුඩු පානයට දැඩි ලෙස ඇබ්බැහි වූ අයෙකු බවටයි පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණ වී ඇත්තේ. ගාල්ල ප්‍රදේශයේදී පාපැදි 5 ක්, අක්මීමණ ප්‍රදේශයේදී පාපැදි 4 ක්, ගාල්ල වරාය පොලිස් බලප්‍රදේශයේදී සහ ගොනපිනුවල ප්‍රදේශයේදී එක් පාපැදියක් බැගින් සොරකම් කළ බවට සැකකරු පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිකර තිබෙනවා. 

සොරකම් කළ පාපැදි බූස්ස, කදුරුපේ ප්‍රදේශයේ විවිධ පුද්ගලයින්ට අළෙවි කර ඇති අතර එම පාපැදි ද හික්කඩුව පොලීසිය මගින් සොයාගෙන තිබෙනවා.