Friday, May 3, 2024

General line - 0115112241

ග්ලයිෆොසෙයිට් වල් නාශකයට පනවා ඇති තහනම ඉවත් කිරීමට රජය සුදානම් වෙයි




ග්ලයිෆොසෙයිට් වල් නාශකය මෙරටට ගෙන්වීම සදහා පනවා ඇති තහනම ඉවත් කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය අද දිනයේ නිකුත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ. 

ග්ලයිෆොසෙයිට් ඇතුළු වල් නාශක හා කෘෂි රසායනික කිහිපයක් මෙරටට ආනයනය කිරීමට තහනම් කෙරුණේ 2014 වසරේදීයි. ඒ, එම වල් නාශකවල මිනිස් සිරුරට අහිතකර බැරලෝහ අඩංගු බවට පාර්ශව රැසක් පෙන්වාදීමත් සමගයි.