Wednesday, May 15, 2024

General line - 0115112241

ඉන්ධන මිල සංශෝධනය අද - ලෝක මිල ගණන් පහලට




මෙරට ඉන්ධන මිල ගණන් අද දිනයේ සංශෝධනය කරනු ඇතැයි වාර්තා වනවා. බලශක්ති අමාත්‍යාංශය මීට පෙර ප්‍රකාශ කර තිබුණේ සෑම මසකම සති දෙකකට වරක් ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන බවයි. මේ මස මුලදීද එලෙස ඉන්ධන මිල සංශෝධනය කෙරුණා. ඒ අනුව ඩීසල් මිල රුපියල් 10 කින් පහත දැමීමටයි රජය කටයුතු කළේ. 

මේ අතර නෙත් නිවුස් කළ සොයාබැලීමකදි දැක ගත හැකි වුයේ අද වනවිට ලෝක වෙළද පොලේද බොරතෙල් මිල ගණන් කැපී පෙනෙන ලෙස අඩුවී ඇති ආකාරයයි. මේ මස මුලදී අමෙරිකානු ඩොලර් 93 යි ශත 89කට පැවති බොරතෙල් බැරලයක මිල ඉකුත් බ්‍රහස්පතින්දා වන විට ඩොලර් 94 දක්වා ඉහළ ගියා.

එහෙත් ඉන් පසුව අද දිනය දක්වා ලෝක වෙළදපොලේ බොරතෙල් මිල පහත වැටුණා. අද දිනයේ ලෝක වෙළදපොලේ බොරතෙල් මිල සටහන් වුයේ බැරලයක් අමෙරිකානු ඩොලර් 91 යි ශත 16 ක් ලෙසයි.