Wednesday, May 15, 2024

General line - 0115112241

ඖෂධ හිඟය මැද ඉහළ යන කොවිඩ් අවදානම




රට තුළ ඖෂධ හිගයක් ඇති බවට වාර්තා පළවෙමින් ඇති පසුබිමක දෛනික වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේද වැඩවීමක් තවමත් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවසුවේ රෝගින් වැඩිවන සෑම අවස්ථාවකම කොවිඩ් මරණ ද වැඩිවීමක් සිදුවන බවයි

කඩිනමින් ජනතාව තුන්වන මාත්‍රාව ලබාගත යුතු බවයි ඔහු සදහන් කළේ. තවමත් මිලියන 6 කට වැඩි පිරිසක් තුන්වන මාත්‍රාව ලබාගෙන නොමැති බවද ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ පැවසුවා.

විද්‍යාඥ වෛද්‍ය සමිත ගිනිගේ වැඩිදුරටත් සදහන් කළේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් එන්නත ලබාගැනීමට වැඩි උනන්දුවක් දැක්විය යුතු බවයි.

ඊයේ දිනයේද කොවිඩ් මර්දන සිව්වන මාත්‍රාව ලබාගෙන තිබුණේ 1,898 දෙනෙකු පමණයි.