Thursday, May 16, 2024

General line - 0115112241

විදුලි කප්පාදුව දීර්ඝ කරනවාද ? විදුලිබල මණ්ඩලයෙන් පිළිතුරු




දෛනික විදුලි කප්පාදුව පැය තුනක් දක්වා දීර්ඝ කරනු ඇති බවට මේ වනවිට වාර්තා පළ වනවා. මීට හේතුවී ඇත්තේ නොරොච්චෝලේ බලාගාරයේ පළමු ඒකකයේ සිදුවූ හදිසි බිදවැටීමයි. ඇතැම් වාර්තාවල දැක්වුණේ අද සිට මෙම විදුලි කප්පාදුව සිදුවනු ඇති බවයි.

ඒ අනුව ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් ලංකා විදුලිබල මණ්ඩලයෙන් විමසීමක් කළා. එහි සභාපති නලින්ද ඉලංගකෝන් පැවසුවේ අද දිනයේ විදුලි කප්පාදුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

ඊයේ දිනයේ මහජන උපයෝගිතා කොමිසම ප්‍රකාශ කර තිබුණේ අද සහ හෙට පැයයි විනාඩි 20ක පමණ කාලයක් විදුලිය කපා හැරෙන බවයි. ඒ අනුව නෙත් නිවුස් මහජන උපයෝගිතා කොමිසමෙන්ද මේ පිළිබද විමසීමක් කළා. එහි සභාපති ජනක රත්නායක පැවසුවේ විදුලි කප්පාදුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ලිඛිත ඉල්ලීමක් සිදුකර නොමැති බවයි.