Wednesday, May 15, 2024

General line - 0115112241

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවත් පහළට




ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම තවදුරටත් පහත හෙළිමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ සමාගමක් වන එස් එන් පී සමාගම කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 

අදාළ සමාගම ශ්‍රී ලංකාවේ තත්ත්වය ශ්‍රේණිගත කර ඇත්තේ ඩී මට්ටමයි. ඉන් අදහස් වන්නේ ශ්‍රී ලංකාව බැඳුම්කර සඳහා මුදල සහ පොළිය ගෙවිම පැහැර හරින බව යැයි විදෙස් මාධ්‍යන්හි සඳහන්. 

ශ්‍රී ලංකාවේ තත්ත්වය පහත හෙළමින් එස් ඇන්ඩ් පී ජාත්‍යන්තර සමාගම පවසා ඇත්තේ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ඇතුළු ඇතැම් විදේශ මුදල් ගෙවීම  පැහැර හරිමින් ඇති  බවයි.  ශ්‍රි ලංකාව ජූනි 03, ජූනි 28, ජූලි 18 සහ ජූලි 25 යන දිනවල ස්වෛරීත්ව බැඳුම්කර වෙනුවෙන් ගෙවීම් කිරීමට තිබූ බවයි ඔවුන්ගේ වාර්තාවල දැක්වෙන්නේ.