Tuesday, May 14, 2024

General line - 0115112241

නෞකාවට අවසර දීම හරහා ශ්‍රී ලංකාවට චීනයෙන් සහනයක් ලැබෙයි ද ?




යුවාන් වැන්ග් 5 නෞකාවට මෙරටට පැමිණීමට ඉඩ ලබාදීම හරහා ණය ප්‍රතිව්‍යුවහ ගත කිරීමට චීන සහය ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය උපදේශක වරලත් ගණකාධිකාරී ප්‍රසන්න අබේකෝන් පවසනවා. 

ඔහු කියා සිටියේ නෞකාව පැමිණීමත් සමග ගෝලීය වශයෙන් ඇතිවන තත්ත්වයන් සමනය කර ගැනීම ද ශ්‍රී ලංකාවට පැවරෙන වගකීමක් බවයි. 

නෞකාවේ පැමිණීම හරහා ඉන්දියාවේ ප්‍රතිචාරය දෙස ද රටක් ලෙස ශ්‍රී ලංකාවට බලාසිටීමට සිදුවනු ඇතැයි මෙහිදී ප්‍රකාශ කෙරුණා. 

නෞකාවේ පැමිණීම හරහා මතුවිය හැකි රාජ්‍ය තාන්ත්‍රික ගැටළුවක් වේ නම් එයට ඥානාන්විතව මුහුණ දීමට ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු බවයි ජාත්‍යන්තර මූල්‍ය උපදේශක වරලත් ගණකාධිකාරී ප්‍රසන්න අබේකෝන් වැඩිදුරටත් පැවසුවේ.