Wednesday, May 15, 2024

General line - 0115112241

ගොවීන්, වී සදහා වැඩි මිලක් ඉල්ලයි




මෙවර වී කිලෝවකට රුපියල් 140ක සහතික මිලක් අවශ්‍ය බව ගොවීන් පවසනවා. ඉන්ධන සහ පොහොර මිල ඉහල යාම හමුවේ රජයේ මිල ගණන් යටතේ වී ලබාදිය නොහැකි බවයි සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ.  

අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් පුංචිරාල රත්නායකද අද පැවති මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පල කළා. 

රජය මෙවර යල කන්නයේ වී මිලදී අද ආරම්භ වුණා. නාඩු වී කිලෝවක් රුපියල් 120කට, සම්බා වී කිලෝවක් රුපියල් 125 කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130 කට මිලදී ගනු ලබන බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කළේ. මෙම වැඩපිළිවෙළේ පළමු අදියර සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 2,000 ක්. පළමු අදියරේදී වී මෙටි්‍රක් ටොන් 30,000 ක් මිලදී ගැනීමට අපේක්ෂිතයි.