Sunday, May 19, 2024

General line - 0115112241

රූපවාහිනී පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ තවත් අයෙකු අත්අඩංගුවට




රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ බවට චෝදනා එල්ල වී ඇති තවත් පුද්ගලයෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ නමැති පුද්ගලයෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි. එම පුද්ගලයා කුරුදුවත්ත පොලීසියට භාරවීමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රූපවාහිනී සංස්ථා පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළුවීමේ චෝදනා මත ධනීෂ් අලී නමැති පුද්ගලයෙකුද මීට පෙර අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණා.