Sunday, May 19, 2024

General line - 0115112241

QR ක්‍රමයට පසුගිය සතියේදී හතලිස් හය ලක්ෂයකට වැඩි පිරිසක් ඉන්ධන ලබාගනී




පසුගිය සතියේදී QR ක්‍රමය යටතේ හතලිස් හය ලක්ෂ 22,336 දෙනෙකු ඉන්ධන ලබාගෙන ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

එම කාල සීමාව තුළ දිවයින පුරා පිහිටි ඉන්ධන පිරිවුම්හල්වලින් පෙට්‍රල් ලීටර් දෙකෝටි දස ලක්ෂ 35,354ක් සහ ඩීසල් ලීටර් එක් කෝටි විසිහත් ලක්ෂ 67,302ක් නිකුත් කර ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ.  

ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය හෙවත් QR ක්‍රමය සඳහා මේ වනවිට රථවාහන හැටලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇති බවද එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.