Sunday, May 19, 2024

General line - 0115112241

මුදලිගේ ඇතුළු සැකකරුවන් තිදෙනා දින 90ක් රඳවා ගැනීමට අවසර




අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන්ත ගුණතිලක සහ පූජ්‍ය ගල්වල සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දින 90ක් රඳවා තබා විමර්ශණය කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය ලැබී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මේ බව සදහන් කළා.

පසුගිය 18 වනදා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය කොළඹදී පැවැත්වූ විරෝධතාවක් අතරතුර පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් වසන්ත මුදලිගේ ඇතුළු එම සැකකරුවන් තිදෙනා පැය 72ක් රැඳවුම් නියෝග යටතේ රඳවා ගැණුනු අතර ආරක්ෂක අමාත්‍යවරයාගේ අනුමැතියට අනුව එම සැකකරුවන් දින 90ක් රඳවා තබා ගෙන ඉදිරි විමර්ශණ ක්‍රියාත්මක වනු ඇති.