Sunday, May 19, 2024

General line - 0115112241

ජනපති සහ විපක්ෂ නායකවරයා අතර හමුවක්




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ඡාවක් අද දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත් වුණා. සමඟි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරද ඊට එක්ව සිටියා. 

රට මුහුණදී ඇති අභියෝග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සුහඳ සාකච්ඡාවක නිරත වූ බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සාකච්ඡාවෙන් අනතුරුව ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කළේ.

පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා රජයට සහය දැක්වීමට සූදානම් බවත්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිත කිරීම සම්බන්ධයෙන් සිය විරුද්ධත්වය එහිදී අවධාරණය කළ බවත් විපක්ෂ නායකවරයා නිකුත් කළ ට්විටර් සටහනේ දැක්වෙනවා.