Sunday, May 19, 2024

General line - 0115112241

විශ්වවිද්‍යාල විවෘත කිරීම සැප්තැම්බර් මාසයේදී




සියලුම විශ්ව විද්‍යාල එළඹෙන සැප්තැම්බර් මාසය තුළ විවෘත කිරීමට පියවර ගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

කොවිඩ් වසන්ගත තත්ත්වය හේතුවෙන් ඉකුත් කාල සීමාවේදී විශ්ව විද්‍යාල වසා දැමීමෙන් පසු ඒවා සම්පූර්ණයෙන් විවෘත කිරීමක් සිදු වූයේ නැහැ.

මේවනවිට දිවයින පුරා ඇති විශ්ව විද්‍යාල දාහතේ සමස්ථ සිසුන්ගෙන් සියයට 40ක් පමණ දැනට විශ්ව විද්‍යාල තුළ අධ්‍යාපනය ලබනවා. ලබන මාසය වන විට විශ්ව විද්‍යාල පද්ධතිය ක්‍රමානුකූලව සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට හැකිවන බවයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී සදහන් කළේ.