Sunday, May 19, 2024

General line - 0115112241

හාල් සමීර STF අත්අඩංගුවට




අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු වන සමීර සම්පත් ප්‍රනාන්දු හෙවත් හාල් සමීර නමැත්තා පොලිස් විශේෂ කාර්යය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මිනුවන්ගොඩ කෙසෙල් කොටුව පට්ටඩුවන ප්‍රදේශයේ පිහිටි නිවසක් වැටලූ අවස්ථාවේදීයි.

අදාළ ස්ථානයේ තිබී ගිනිඅවි 03 ක්, තහනම් කඩු 01 ක්, ජීව උණ්ඩ 23 ක් පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු දිවයින පුරා සිටින සහල් නිෂ්පාදකයින්ගෙන් මහා පරිමාණයෙන් සහල් එක් රැස් කර අගරු චෙක්පත් ලබාදී වංචනික ලෙස සහල් ජාවාරම් කරන ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

රුපියල් ලක්ෂ 200 ක අධික සහල් වංචා සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව අධිකරණ කිහිපයක නඩු රැසක් පවතින බව ද පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළා.