Sunday, May 19, 2024

General line - 0115112241

නොසැලකිල්ල නිසා කොරෝනා පාලනයකින් තොරව ව්‍යාප්ත වීමේ අවධානමක්




කොරෝනා රෝග තත්ත්වය නොසලකා හැර ඇති බැවින් එය පාලනයකින් තොරව බිම් මට්ටමේ ව්‍යාප්ත වෙමින ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ එන්නත්කරණය හේතුවෙන් ලැබී ඇති ප්‍රතිශක්තීකරණය නිසා එම රෝග තත්ත්වය යම් මට්ටමකින් පාලනය වී ඇතත්, එය ඕනෑම අවස්ථාවකදී ව්‍යවසනකාරී තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බවයි. 

කිසිඳු සෞඛ්‍ය උපදෙසක් නොමැතිව සිදුකරන සමාජ ඒකරාශීවීම් රාශියක් මේවනවිට දක්නට ලැබෙන බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.