Sunday, May 19, 2024

General line - 0115112241

සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 12ක මිල අඩු කිරීමක්




සතොස මගින් අලෙවි කෙරෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් අඩු කර තිබෙනවා. සතොස ආයතනයේ සභාපති පසඳ යාපා අබේවර්ධන පැවසුවේ ආනයනික පොන්නි සම්බා කිලෝවක මිල අද සිට රුපියල් 21 කින් අඩු කර ඇති බවයි.

ඒ අනුව ආනයනික පොන්නි සම්බා කිලෝවක් සතොස මගින් අලෙවි කෙරෙන්නේ රුපියල් 194 කටයි.

සතොස මගින අලෙවි කෙරෙන පරිප්පු කිලෝවක මිල රුපියල් 25 කින් අඩු කර ඇති අතර ඒ අනුව පරිප්පු කිලෝවක නව මිල රුපියල් 460 ක්. හාල්මැස්සන් කිලෝවක් රුපියල් 25 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1,375 ක් වන බවයි සතොස සභාපතිවරයා පැවසුවේ.

මීට අමතරව දුඹුරු සීනි කිලෝවක් රුපියල් 02 කින් සහ ආනයනික නාඩු සහල් කිලෝවක මිල රුපියල් 02 කින් අඩු කර තිබෙනවා. 

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් බිත්තර සඳහා පනවා ඇති පාලන මිල ක්‍රියාත්මක කිරීම සඳහා සතියක පමණ සහන කාලයක් ලබාදෙන ලෙස බිත්තර නිෂ්පාදකයින් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමස්ථ ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර.

බිත්තර නිෂ්පාදකයින්ගේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු අදහස් දැක්වුයේ මෙලෙසයි.