Sunday, May 19, 2024

General line - 0115112241

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට නව පනතක් ගෙනඒමට රජයෙන් තීරණයක්




ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇතුළත් කරුණු ලිහිල් කර ඒ වෙනුවට ජාතික ආරක්ෂණ පනත නමින් නව පනතක් ගෙන ඒමට රජය තීරණය කර තිබෙනවා.

ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කළ බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනෙකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී එම මාධ්‍යවේදියා ප්‍රශ්න කළේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකෙරෙන අත්අඩංගුවට ගැනීම් හේතුවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් අවාසිදායක තත්ත්වයක් උද්ගතවේ ද යන්නයි. ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.