Sunday, May 19, 2024

General line - 0115112241

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිකම මන්ත්‍රී හර්ෂ ද සිල්වාට




09 වන පාර්ලිමේන්තුවේ තෙවන සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිත්වයට පත් කෙරුණේ පසුගිය දා රැස්වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ගනු ලැබූ ඒකමතික තීරණයකට අනුවයි. ඒ අනුව 2021 අංක 30 දරණ විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බැලුනු අතර ඒ සඳහා කාරක සභාවේ අනුමැතිය ලබාදී තිබෙනවා. 

ඊට අමතරව සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත ද කාරක සභාව විසින් සලකා බලා අනුමැතිය ලබාදුන් බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.