Sunday, May 19, 2024

General line - 0115112241

අන්තරේ කැඳවුම්කරු ඇතුළු තිදෙනාට නිකුත් කළ රැඳවුම් නියෝග ඉවත් කරන ලෙස නීතීඥ සංගමය ජනපතිගෙන් ඉල්ලයි




විරෝධතාකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම සුදුසු නොවන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා. එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරුවන් තිදෙනෙකුට දැනට නිකුත් කර ඇති රැඳවුම් නියෝග ඉවත් කරන ලෙසයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස්. 

මේ අතර දින 90 ක රැඳවුම් නියෝග නිකුත් කර ඇති අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් තිදෙනා මේවනවිට ත්‍රස්ත විමර්ශන ඒකකයේ තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින බවයි නීතීඥ නුවන් බෝපගේ පැවසුවේ.  

ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද අද මෙලෙස අදහස් පළ කළා. 

ජනතා විමුක්ති පෙරමුණ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම පක්ෂයේ ලේකම් ටිල්වින් සිල්වා අදහස් පළ කළේ මෙලෙසයි.