Sunday, May 19, 2024

General line - 0115112241

සුපර් ඩීසල් තොග රැගත් නෞකාවක් පැමිණෙයි 




ඉදිරි දින කිහිපයේදී මෙරටට ලැබීමට නියමිත ඉන්ධන සැපයුම් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර නිවේදනයක් නිකුත් කර සිටිනවා.

ඒ අනුව සුපර් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 30,000ක් හෙට ගොඩබෑමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ. මේ අතර තවත් බොරතෙල් ඉන්ධන නෞකාවක් අද රාත්‍රියේදී පැමිණීමට නියමිත බව අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර තවත් ඔටෝ ඩීසල් රැගත් නෞකාවක් මෙම මස 25-26 දිනවලදී පැමිණීමට නියමිතය. එමෙන්ම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් තොග රැගත් නෞකාවක් මෙම මස 27-29 තුලදී මෙරටට පැමිණීමට නියමිතය.

භූමිතෙල් සහ ජෙට් ඉන්ධන බෙදා හැරීම ඊයේ දිනයේ සිට ආරම්භ කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.