Sunday, May 19, 2024

General line - 0115112241

ජනතාව ප්‍රතික්ෂේප කළ පිරිස් යළි ඇමතිකම් ගැනීමේ සූදානමක




ඉකුත් සමයේ ජනතාවගෙන් ප්‍රතික්ෂේපවූ ඇතැම් කණ්ඩායම් යළි කැබිනට් මණ්ඩලයට ඇතුලත්වීමට උත්සහ දරමින් ඇතැයි අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.

ජනතාවගෙන් ප්‍රතික්ෂේපිත කණ්ඩායම් තවදුරටත් සක්‍රියව කටයුතු කරමින් ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද පුද්ගලයින්ට යළි අමාත්‍ය ධූර ලබාදුනහොත් වත්මන් ආණ්ඩුවට ද ඉන් බලපෑමක් එල්ලවනු ඇති බවයි අමාත්‍ය විදුර වික්‍රමනායක වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහන අද රාත්‍රී 07 යි 30 ට ප්‍රචාරය වීමට නියමිතයි.