Sunday, May 19, 2024

General line - 0115112241

අඛණ්ඩව දෙවන මාසයටත් ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 500 පනී




මෙරට ඇඟලුම් අපනයන ආදායම අඛණ්ඩව දෙවන මාසයටත් අමෙරිකානු ඩොලර් මිලියන 500 යේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ, ඉකුත් ජූලි මාසයේදී ද අමෙරිකානු ඩොලර් මිලියන 522.14 ක ආදායමක් උපයා ගනිමින්. ඉකුත් ජුනි මාසයේදී ද ඇඟලුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 500 යේ සීමාව ඉක්මවා ගිය අතර එය දැක්වුණේ අමෙරිකානු ඩොලර් මිලියන 536.65 ක් ලෙසයි. 

2021 වසර හා සැසඳීමේදී ඉකුත් ජූලි මාසයේදී ඇඟලුම් අපනයන ආදායම සියයට 22 යි දශම 6 යි 4 කින් ඉහළ ගොස් තිබෙනවා. ඉකුත් ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලය තුළ සමස්ථ ඇඟලුම් අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 3,314 යි දශම 5 යි 8 ක්. එය 2021 වසරේ අදාළ කාලය හා සැසඳීමේදී සියයට 20 යි දශම 4 යි 3 ක වැඩිවීමක් වනවා.

මෙලෙස මාසයෙන් මාසය ඇඟලුම් අපනයන ආදායම ඉහළ යමින් ඇති පසුබිමක ඊයේ පැනවූ ආනයන සීමා හේතුවෙන් තම ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ලවන බවයි ඇඟලුම් කර්මාන්තකරුවන් නෙත් නිවුස් වෙත පැවසුවේ. රෙදිපිළි හා රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තයේදී යොදා ගන්නා යන්ත්‍ර සූත්‍ර ආනයනය ද ඒ යටතේ තහනම් වුණා.