Sunday, May 19, 2024

General line - 0115112241

රාජ්‍ය සේවය කප්පාදු කිරීමට සිදුව ඇති හේතුව සංවර්ධන නිලධාරීන් පෙන්වා දෙයි




රාජ්‍ය සේවය කප්පාදු කිරීමට සිදුව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට අනුව බව වෘත්තිය සමිති පවසනවා. සංවර්ධන නිලධාරී වෘත්තිය සමිති සන්ධානය කැඳවූ මාධ්‍ය හමුවකට එක්වූ පූජ්‍ය තැන්නේ ඥාණානන්ද හිමියන් පැවසුවේ ඇතැම් රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් මේ වන විට විවිධ අදහස් පළ කරමින් ඇත්තේ ඊට අදාළව බවයි.

සමස්ථ ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අනුරාධ සෙනෙවිරත්න පැවසුවේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාවට දේශපාලනඥයින් ද වගකිව යුතු බවයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පැවසුවේ නිෂ්චිත කාර්්‍යය පැවරීමකින් තොර රාජ්‍ය සේවකයින් රැසක් ඇතැම් රාජ්‍ය ආයතනවල සේවය කරමින් සිටින බවයි.