Saturday, May 18, 2024

General line - 0115112241

රංජන් ගේ ලිපිය රැගෙන එන්න බන්ධානාගර නිලධාරියෙකු අධිකරණ අමාත්‍යාංශයට 




රංජන් රාමනායක නිදහස් කිරීමට අදාළ ජනපති විශේෂ සමාව ඇතුළත් ලිපිය ලබාගැනීමට බන්ධනාගාර කොමසාරිස්වරයෙකු අධිකරණ අමාත්‍යාංශයට ගොස් තිබෙනවා.

එම ලිපිය බන්ධනාගාර ‍දෙපාර්තමේන්තුවට රැගෙන ආ පසු අවශ්‍ය ලිපිලේඛන සකස් කර රංජන් රාමනායක නිදහස් කිරීමට පැයක පමණ කාලයක් ගත වනු ඇති බවයි බන්ධනාගාර ‍දෙපාර්තමේන්තුව පැවසුවේ .

මේ අතර අධිකරණ අමාත්‍යාංශයට ගොස් අදාළ ලිපිය රැගෙන ඒමට එම බන්ධනාගාර කොමසාරිස්වරයා ඉහළ නිලධාරීන්ගේන් ඉල්ලීමක් කර ඇති බව බන්ධනාගාර ආරංචි පැවසුවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙනත් රාජකාරි කටයුත්තක් වෙනුවෙන් අද දිනයේ කොළඹින් බැහැර ගොස් තිබෙනවා. 

රංජන් රාමනායක නිදහස් කිරීමට අදාළ කටයුතු සහ අදාළ ලිපිය අධිකරණ අමාත්‍යාංශයෙන් රැගෙන ඒ මට වෙනත් බන්ධනාගාර කොමසාරිස්වරයෙකුට ඊයේ දිනයේම පවරා තිබුණා. 

එවන් පසුබිමකයි අද වෙනත් බන්ධනාගාර කොමසාරිස්වරයෙකු අධිකරණ අමාත්‍යාංශයට ගොස් ඇත්තේ.