Saturday, May 18, 2024

General line - 0115112241

රාජ්‍ය අංශයේ ඉදිකිරීම් සියයට 70 කින් කඩා වැටේ




රාජ්‍ය අංශයේ සිදුකළ ඉදිකිරීම් වෙනුවෙන් ලැබිය යුතු මුදල් මේ දක්වා නිසි පරිදි ගෙවා නොමැති බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා. එහි සභාපති සුසන්ත ලියනාරච්චි සඳහන් කළේ මේ වන විට රාජ්‍ය අංශයේ ඉදිකිරීම් සියයට 70 කින් පමණ කඩාවැටී ඇති බවයි.

ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ හිටපු සභාපති එම් ඩී පෝල් සඳහන් කළේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් රජයේ අවධානය ඉතා අල්ප බවයි.

ඉකුත්දා ආණ්ඩුව විසින් ආනයනය කිරීම අත්හිටවූ භාණ්ඩ 305 ට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ භාණ්ඩ ද ඇතුලත් වුණා. කෙසේවෙතත් ටයිල් ඇතුලු ඉදිකිරීම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය හා වාහන ඇතුලු වර්ග රැසක් කොන්දේසි සහිතව ආනයනය කිරීමටයි දැන් අවසර ලබාදී ඇත්තේ.

ඒ අනුව ආයෝජන මණ්ඩල ව්‍යාපෘති නොවන අනුමත සහාධිපත්‍ය ව්‍යාපෘති, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති, හෝටල් හා රජයේ ව්‍යාපෘති සඳහා අදාළ භාණ්ඩ ආනයනය කළ හැකියි. කෙසේවෙතත් එලෙස  ආනයනය කරන භාණ්ඩ සෘජුව හෝ වක්‍රව නැවත විකිණීම තහනම් කර තිබෙනවා. එමෙන්ම අදාළ සියලු ගෙවීම් දින 180 ක කාලයක් යටතේ ණයවර ලිපි මඟින් සිදුකළ යුතුයි.