Saturday, May 18, 2024

General line - 0115112241

මෙරට ඛණිජ තෙල් ව්‍යාපාරයේ නිරත වීමට රටවල් 10 කින් යෝජනා




මෙරට ඛණිජතෙල් ව්‍යාපාරයේ නිරත වීම සඳහා රටවල් 10 කට අයත් සමාගම් 24 ක් යෝජනා භාරදී ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ අමෙරිකාව, බි්‍රතාන්‍ය, චීනය, ඉන්දියාව, රුසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, මැලේසියාව, නෝර්වේ සහ පිලිපීනය යන රටවල්වලට අයත් සමාගම් 24 ක් විසින් එලෙස යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.

අමාත්‍යංශය පත් කළ කමිටුවක් විසින් අදාළ යෝජනා සම්බන්ධයෙන් කරුණු විමසා සති 06 ක් ඇතුළත අවසන් තීරණයකට එළඹෙනු ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.