Saturday, May 18, 2024

General line - 0115112241

ඩීසල් අර්බුදයෙන් පෞද්ගලික බස්රථ සහ පාසල් වෑන්රථ ධාවනයට තවදුරටත් බාධා




පවතින ඩීසල් හිගය හේතුවෙන් හෙට දිනයේ පෞද්ගලික බස්රථ ධාවනය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ බස්රථ ධාවනය සඳහා අවශ්‍ය ඩීසල් තොග අද දිනයේදී නිසි පරිදි ලැබුනහොත් පමණක් හෙට දිනයේදී පෞද්ගලික බස්රථ ධාවනය කළ හැකි බවයි. 

පෞද්ගලික බස්රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඩීසල් බෙදාහැරීම මීට පෙර සිදු කෙරුණා. එහෙත්, මේවනවිට ඩිපෝ මගින් ද තමන් වෙත ඉන්ධන ලබාදීමක් සිදුනොකරන බවයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර අද දිනය තුළ අවශ්‍ය ප්‍රමාණයට ඩිසල් නොලැබුණහොත් හෙට දිනයේදී පාසැල් ළමුන් ප්‍රවාහන රථ ධාවනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇතැයි සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා. එහි සභාපති එල් මල්ශ්‍රී ද සිල්වා පැවසුවේ ලංගම ඩිපෝ මගින් ඩීසල් ලබාදීම ද මේවනවිට සිදු නොවන බවයි 

ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස්රථ සඳහා සහ පාසල් ළමුන් ප්‍රවාහන රථ සඳහා ඩීසල් ලබාදීම සිදුනොකරීමට හේතුව කුමක්දැයි ලංකා ගමනාගමන මණ්ඩලයෙන් නෙත් නිවුස් විමසීමක් කළා. එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ ඇනවුම් කළ ප්‍රමාණයෙන් ඩීසල් තොග ලංගම ඩිපෝ වෙත ලැබී නොමැති බවයි.  

කෙසේවෙතත් හෙට දිනයේදී ලංගම බස්රථ සාමාන්‍ය පරිදි ධාවනය කිරීම සඳහා අවශ්‍ය ඩීසල් තොග මේවනවිට ලංගම ඩිපෝ සතුව පවතින බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පණ්ඩුක ස්වර්ණහංස සඳහන් කළේ. 

ක්‍ඹඔ - :ක්‍ඔඊ ඡ්භෘඹණ් 02*