Saturday, May 18, 2024

General line - 0115112241

ඉන්ධන තොග සම්බන්ධයෙන් සිපෙට්කෝ වෙතින් දැනුම් දීමක් 




ඩීසල්, පෙට්‍රල් සහ භූමිතෙල් ඇතුළු සියලු ඉන්ධන තොග කිසිඳු හිගයකින් තොරව බෙදාහැරීමට අවශ්‍ය තොග මේවනවිට ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සතුව පවතින බව එම සංස්ථාව පවසනවා. 

නිවේදනයක් නිකුත් කරමින් ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ සපුගස්කන්ද පිරිපහදුව නැවත ආරම්භ කර ඇති බැවින් මෙලෙස අවශ්‍ය තරම් ඉන්ධන තොග තම ගබඩා සතුව පවතින බවයි. 

එබැවින් ඉන්ධන නොමැති බව පවසමින් පැතිර යන අසත්‍ය ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත් ඒ සම්බන්ධයෙන් කිසිඳු අනිසි බියක් ඇතිකර නොගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ලංකා ඛණීජතෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.