Saturday, May 18, 2024

General line - 0115112241

උසස් පෙළ විභාග ප්‍රථිපල නිකුත් කෙරේ




2021 වසරේ පවත්වන ලද අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ) විභාගයේ ප්‍රථිපල අන්තර්ජාලයට මුදාහැර ඇත. 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයැදුම්කරුවන් දෙලක්ෂ 72, 682 දෙදෙනෙකු පෙනී සිටියා.
 
පහත දැක්වෙන වෙබ් අඩවි ඔස්සේ ප්‍රථිපල ලබා ගත හැකිවේ.

https://www.doenets.lk/examresults
 

http://www.results.exams.gov.lk/

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් දෙලක්ෂ 72, 682 දෙදෙනෙකු පෙනී සිටියා. ඒ අතරින් අයදුම්කරුවන් එක්ලක්ෂ 71, 497 දෙනෙකු විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. එය විභාගයට පෙනී සිටි මුළු සිසුන් සංඛ්‍යාවෙන් සියයට 62 යි දශම 9 ක ප්‍රතිශතයක් බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි අයදුම්කරුවන්ගෙන් 49 දෙනෙකුගේ ප්‍රතිපල අත්හිටවූ බව ද විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන වැඩිදුරටත් සඳහන් කළා. 

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි අපේක්ෂකයින්ට නැවතත් 2022 උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා සැප්තැම්බර් මස 01 වනදා සිට 08 වනදා දක්වා කාලය තුළ මාර්ගගත ක්‍රමයට අයදුම්කිරීම සඳහා අවස්ථාව හිමිවන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.