Saturday, May 18, 2024

General line - 0115112241

ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වූ 72 දෙනෙකු හඳුනා ගැනීමට සහය පතයි




ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි සිදුකළ සැකකරුවන් හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජනතාවගෙන් සහය ඉල්ලා තිබෙනවා. 

ඒ,  ජූලි මස 09 වන දින විරෝධතාකරුවන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළුවී අලාභහානි සිදුකීරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ උතුරු කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යංශය මගින් සිදුකරමින් පවතින විමර්ශනයක් සඳහායි.

ඒ අනුව එම සිද්ධියට අදාළ විමර්ශනවලදී ලබාගත් වීඩියෝ දර්ශන සහ ඡායාරූප පොලිසිය මගින් මාධ්‍ය වෙත අද නිකුත් කරනු ලැබුවා. එහි සැකකරුවන් 72 දෙදෙනෙකුගේ ඡායාරූප ඇතුළත්. අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් යම් තොරතුරක් වේ නම් 0112 20 83 049, 075 63 71 563 යන දුරකථන අංකවලට හෝ 1997 ක්ෂණික දුරකථන අංකය අමතා තොරතුරු ලබාදෙන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාශය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. 

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිකුත් කළ අදාළ සැකකරුවන්ගේ ඡායාරූප පහතින් දැක්වේ.