Sunday, May 19, 2024

General line - 0115112241

රාජ්‍ය ආයතන දෙකක අකාර්යක්ෂමතාවයෙන් ඩොලර් මිලියන 22 ක් රටට අහිමිවූ බවට චෝදනාවක්




නිව් ඩයමන්ඩ් නෞකාව ගිනිගැනීම හේතුවෙන් මෙරට සමුද්‍රීය පරිසර පද්ධතියට සිදුවූ හානිය වෙනුවෙන් අයවිය යුතු අමෙරිකානු ඩොලර් මිලියන 22 කට ආසන්න වන්දි මුදල රටට අහිමි වී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රය පවසනවා.

එහි ජේෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ පැවසුවේ අදාළ වන්දි මුදල අයකර ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තිබූ වසර 02 ක කාලය මේ මස දෙවනදායින් අවසන්වීම ඊට හේතුව බවයි. අදාළ වන්දි මුදල ලබා ගැනීම සඳහා නඩු පැවරීමට මෙරට වගකිව යුතු පාර්ශව නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් එම තත්ත්වය උදාවූ බවයි ඔහු සඳහන් කළේ. 

ශ්‍රී ලංකාවට හිමිවිය යුතු වන්දි මුදල යලි ලබා ගැනීමට නොහැකි වනු ඇතැයිද පරිසර යුක්ති කේන්ද්‍රයේ ජේ්‍යෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ වැඩිදුරටත් සඳහන් කළා.

නැගෙනහිර මුහුදු සීමාවේදී නිව් ඩයමන්ඩ් නෞකාව ගිනිගැනීමට ලක්වූයේ  ඉකුත් 2020 වසරේදීයි. 

මේ අතර අදාළ වන්දි මුදල ලබාගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහන මගින්ද මීට පෙර තොරතුරු හෙළි කළා.