Sunday, May 19, 2024

General line - 0115112241

අඩුවන ගෑස් මිල අද ප්‍රකාශයට




ලිට්‍රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12 යි දශම 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100 ත් 200 ත් අතර මිලකින් පහළ යනු ඇතැයි එම සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

මිල සූත්‍රයට අනුව නව ගෑස් මිල අද ප්‍රකාශයට පත් කරන බවයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ. 

ගෑස් සදහා හදුන්වාදී ඇති මිල සූත්‍රයට අනුව සෑම මසකම 05 වනදා ගෑස් මිල සංශෝධනය කෙරෙනවා.