Sunday, May 19, 2024

General line - 0115112241

හිටපු ජනපති සිංගප්පුරුවේ රැඳී සිටි නිවස ගැන පලවූ වාර්තාව ගැන කරුණු පැහැදිලි කිරීමක්




හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේදී වෛද්‍ය වෝල්ටර් ජයසිංහට අයත් නිවාස සංකීර්ණයක රැදී සිටි බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් ඔහුගේ පාර්ශවයෙන් කරුණු දැක්වීමක් සිදුකර තිබෙනවා.

ඒ සම්බන්ධව අප වෙත ලිපියක් යොමු කරමින් අමෙරිකාවේ ජාත්‍යන්තර ශ්‍රී ලංකා පදනමේ සංස්කෘතික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ අචලා වීරසිංහ සදහන් කර ඇත්තේ වෛද්‍ය වෝල්ටර් ජයසිංහහට සිංහප්පූරුව තුළ නිවාස සංකීර්ණයක් නොමැති බවයි. එමෙන්ම වෛද්‍ය වෝල්ටර් ජයසිංහ සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර සම්බන්ධයක් නොමැති බවද අදාළ ලිපියේ දක්වා තිබෙනවා. 

ඒ අනුව කණින් කොනින් වැඩසටහනේදී ප්‍රකාශ වූ පරිදි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට වෛද්‍ය වෝල්ටර් ජයසිංහ විසින් සිංගප්පූරුවේදී නවාතැන් පහසුකම් සපැයීමක් සිදුකර නොමැති බවයි එම ලිපියෙන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

ඒ අනුව කණින් කොනින් වැඩසටහනේදී ප්‍රකාශ වූ යම් කරුණකින් වෛද්‍ය වෝල්ටර් ජයසිංහ යම් සිත්තැවුලකට පත්වූයේ නම් ඒ පිළිබද අප කණගාටුව පළ කරනවා.