Saturday, May 11, 2024

General line - 0115112241

කාබුල් නුවර රුසියානු තානාපති කාර්යාලය අසල පිපිරීමක්




ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලය අසල බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු තානාපති කාර්යාලයේ දොරටුව ඉදිරිපිට එම පුපුරුවා හැරීම සිදුකරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයින් අටදෙනෙකු මියගොස් ඇති අතර ඔවුන් අතරින් දෙදෙනෙකු රුසියානු තානාපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් බවයි පැවසෙන්නේ.

පිපිරීමෙන් තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.