Monday, May 13, 2024

General line - 0115112241

සාමය වෙනුවෙන් ඉන්දීය සහ චීන හමුදා පසුබෑමක 




චීන සහ ඉන්දියානු හමුදා නැගෙනහිර ලඩාක්හි ගොග්‍රා ( Gogra-Hotsprings) ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදෙන ඇතැම් ප්‍රදේශවලින් ඉවත්වීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව වාර්තාවනවා.

අණදෙන නිලධාරී මට්ටමේ රැස්වීම්වල 16 වන වටයේ දී ඇති වූ සම්මුතියට අනුව, ගොග්‍රාහි PP-15 ප්‍රදේශයේ ඉන්දියානු සහ චීන හමුදා දෙපාර්ශවයේම සම්බන්ධීකරණයෙන් සහ සැලසුම් සහගතව විසුරුවා හැරීමට ආරම්භ කර ඇති බව විදෙස් වාර්තාවල සදහන්.

එය දේශසීමා ප්‍රදේශවල සාමය සහ සන්සුන්භාවයට හිතකර බව ඉන්දීය හමුදාව සහ චීනයේ මහජන විමුක්ති හමුදාව ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කරනවා.

මෙම ඉවත් වීමේ ක්‍රියාවලිය සැප්තැම්බර් 12 සඳුදා වන විට අවසන් වීමට නියමිත අතර දෙපාර්ශ්වය විසින් ප්‍රදේශයේ නිර්මාණය කර ඇති සියලුම තාවකාලික ව්‍යුහයන් සහ අනෙකුත් ආශ්‍රිත යටිතල පහසුකම් විසුරුවා හැරීමට ද එකඟ වී ඇති බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ.

ප්‍රදේශයේ ගොඩබිම් දෙපාර්ශ්වය විසින් යථා තත්ත්වයට පත් කිරීමට ද එකග වී තිබෙනවා.

2020 අප්‍රේල්-මැයි මාසවලදී ඉන්දියාව සහ චීනය අතර ආතතීන් උත්සන්න වීමට හේතුවූයේ  චීන හමුදා ස්ථාන කිහිපයකදී පාලන රේඛාවේ හි ඉන්දියානු භූමිය දෙසට ඇතුළු වීමත් සමඟයි.