Friday, May 10, 2024

General line - 0115112241

වී මිලදී ගැනීමට වැඩි උනන්දුවක් නැහැ - කෘෂිකර්ම ඇමති කියයි




ගොවීන්ගෙන් ලබා ගත් වී තොග සඳහා මුදල් ලබාදෙන තුරු නැවත වි මිලදී ගැනීමට උනන්දුවක් නොදක්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. වී අලෙවි මණ්ඩලය විසින් මේවනවිටත් ගොවීන්ගෙන් ලබාගෙන ඇති වී තොග සඳහා තවමත් මුදල් නොගෙවීමට හේතුව සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. 

ලබාගෙන ඇති වී සඳහා රුපියල් ලක්ෂ 1000 ක මුදලක් මේවනවිට ගොවීන් ගෙවා අවසන් බව ද අමාත්‍යවරයා සඳහන් කළා. ගෙවීමට ඇති ඉතිරි මුදල ද බොහෝ විට හෙට දිනයේදී ගෙවා අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළේ.