Friday, May 10, 2024

General line - 0115112241

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ, පියාණන් අභාවප්‍රාප්ත වෙයි




දිවංගත සුමනා සිල්වා මහත්මියගේ ආදරණීය ස්වාමිපුරුෂයා මෙන්ම වත්මන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා හිටපු යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වර්ධන බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ලක්‍ෂ්මන් සිල්වා මහතා, ගුවන් හමුදාවේ එයාර් වයිස් මාර්ෂල් අජන්ත සිල්වා (විශ්‍රාමික) සහ බැංකු කළමණාකාරිනී නෙරංජනී සිල්වා මහත්මිය ගේ ආදරණීය පියාණන් වන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති එල්.එච්. ක්‍රීසි සිල්වා (93) මහතා අඟහරුවාදා (13) දින අභාවප්‍රාප්ත විය.

දිවංගත ක්‍රීසි සිල්වා මහතා වර්ෂ 1989 සිට 1993 දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති වූ අතර හෙතෙම ඊට ප්‍රථම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය සභාපතිවරයෙකු වශයෙන් ද සේවය කර ඇත.

එතුමන්ගේ දේහය මාතලේ එම්. සී. පාර, රාහුල මාවතේ අංක 10 දරණ ලිපිනයෙහි තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා (15) දින පස්වරු 4.30 ට මාතලේ පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.