Saturday, May 4, 2024

General line - 0115112241

ජාත්‍යන්තර ව්‍යාපෘති ගේන්න නීති වෙනස් කිරීමට ජනපතිගේ අවධානය




ඉන්දියානු ආයෝජන මත ක්‍රියාත්මක, ශ්‍රී ලංකාවේ පාර්ශ්වයෙන් ප්‍රමාද වූ ව්‍යාපෘති පිළිබඳව අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු කියා සිටියේ ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධයෙන් කතිකා කරන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් මෙරට ස්ථාපිත කරන බවයි.

ඒ හරහා සංකීර්ණ ආර්ථික, තාක්ෂණික හවුල්කාරිත්වයක් දක්වා නිදහස් වෙළෙඳ ගිවිසුම යථාවත් කිරීමට පියවර ගන්නා බව ද ජනාධිපතිවරයා පැවසුවා. ඉන්දු - ලංකා ආර්ථික සබඳතාවන්හි පවතින ආයෝජන සඳහා වන බාධක සහ වෙළෙඳ ක්ෂේත්‍රය සඳහා වන තීරු බදු නොවන බාධක ජයග්‍රහණය කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. ඒ, “ශ්‍රී ලංකා ඉන්දියානු සමාජයේ” වාර්ෂික සුහද හමුව අමතමින්.

ජාත්‍යන්තර වෙළෙඳාම් සම්බන්ධයෙන් අනවශ්‍ය නීතිරීති ඉවත් කළ යුත බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසුවේ. ඉන්දියාවේ උසස් අධ්‍යාපන ආයතන ශ්‍රී ලංකාව තුළ ප්‍රවර්ධනය කිරීම, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය, වරාය හා ආයෝජන සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසුවා.

ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ වැඩි ඉන්ධන පිරවුම්හල් ප්‍රමාණයක් මිලට ගැනීමට තීරණය කිරීම සම්බන්ධයෙන් තමා ඉන්දියානු තෙල් සමාගමට ස්තූතිවන්ත වන බවත්, වඩා හොඳ ඉන්ධන සැපයුමක් බලාපොරොත්තු වන බොහෝ දෙනෙකුට එය හොඳ සලකුණක් බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවා.