Friday, May 3, 2024

General line - 0115112241

සමබල ආහාර වේලක වියදම දෙගුණයකින් ඉහළට - සමීක්ෂණ වාර්තාවක් හෙළි කරයි




සාමාජිකයින් හතරදෙනෙකුගෙන් යුත් පවුලකට සමබල ආහාර වේලක් ලබා ගැනීම සදහා මේ වනවිට මසකට වැය වන මුදල රුපියල් 75,000 ත් 90,000 අතර වන බවට අනාවරණය වී තිබෙනවා. මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ තෝරාගත් දිස්ත්‍රීක්ක වල සමාජ කණ්ඩායම් ඉලක්ක කරගනිමින් සිදු කල සමීක්ෂණයකින්.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් පරිපාලනය පිළිබද ජ්‍යේෂ්ඨ ලේඛකාධීකාරී, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මෙම සමීක්ෂණය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. 

සමබල ආහාර වේලක් ලෙස මෙම සමීක්ෂණයට යොදා ගත් නිර්ණායක මොනවාද?  

සමබල ආහාරවේලක් සදහා වියදම ඉහළ යාම හේතුවෙන් අත්විය හැකි බලපෑම කුමක්ද? ඒ සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් පරිපාලනය පිළිබද ජ්‍යේෂ්ඨ ලේඛකාධීකාරී, වෛද්‍ය චමල් සංජීව අදහස් දැක්වුවා.

පවතින තත්ත්වය මත මන්ද පෝෂණය පිළිබඳ නිවැරදි දත්ත ලැබීමට තවත් කලක් ගත වනු ඇති ද වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් සඳහන් කළා. 

මේ අතර ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ඉකුත් මාසයේදී ප්‍රකාශයට පත් කළේ සිය මූලික අවශ්‍යතා සපුරාලීම සදහා පමණක් එක් පුද්ගලයෙකුට මසකට අවශ්‍ය අවම වියදම රුපියල් අටදහස් නවසිය විසිතුනේ සිට රුපියල් දොළොස්දහස් හාරසිය හතලිස් හතරක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.