Saturday, May 4, 2024

General line - 0115112241

ඖෂධ සඳහාත් කලුකඩ මිලක් ඇතිවීමේ අවදානමක් - වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇගවීමක්




රට තුළ මේ වනවිට පවතින ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිගයට රටේ ඩොලර් අර්බුදයට වඩා බලපෑ තවත් ප්‍රධාන කරුණු කිහිපයක් හදුනාගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ, අරමුදල් තිබියදී පවා නිසි කලට නියමිත ප්‍රමාණයෙන් ඖෂධ මෙරටට ගෙන්වා නොමැති බවයි. ඩොලර් අර්බුදයට වඩා පරිපාලන දුර්වලතා ඖෂධ හිගයට සෘජුව බලපෑ බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

රට තුළ පවතින ඖෂධ සහ උපකරණ හිගය මේ වනවිට ප්‍රධාන රෝහල් පද්ධතියේ සිට ග්‍රාමීය රෝහල් පද්ධතිය දක්වාම දැඩි බලපෑමක් එල්ල කර ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ, රට තුල බහුල රෝග රැසකට අවශ්‍ය ඖෂධ මේ වනවිට හිග වෙමින් ඇති බවයි. පවතින ඖෂධ තොග බෙදා හැරීම සම්බන්ධයෙන් ද ගැටලුවක් පවතින බව ඔහු වැඩිදුරටත් සදහන් කළා. 

මේ අතර පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් නෙත් නිවුස් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ද විමසීමක් කළා. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්.

සෞඛ්‍ය අමාත්‍යවරයා ඉකුත් දා අදාල බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ මසකට නොව මාස තුනකට අදාල ඖෂධ එකවර ආනයනය කිරීමට පියවර ගන්නා ලෙසයි.